පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාධිතයා ඇහැළියගොඩ දී අත්අඩංගුවට

Covid-19
By Thaya Jan 20, 2021 07:35 PM GMT
Report

වාලච්චේන පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය 43 හැවිරිදි කොවිඩ් ආසාධිතයා ඇහැළියගොඩ පැල්පිටිය ප්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරු 08 යි 30 ට පමණ ඇහැළියගොඩ පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් විසින් මොහු සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.

මෙම ආසාධිතයා නැවත ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නියමිතයි.

මොහු වාලච්චේන සිට ඇහැලියගොඩ දක්වා පැමිණි ආකාරය පිළිබඳ විමර්ශනයක් ක්‍රියාත්මක අතර නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පණත යටතේ මෙම තැනැත්තාට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.