තවත් දිස්ත්‍රික්කයකින් ගාමන්ට් පොකුරක් 72 කට කොවිඩ් එකවර හමුවේ.

Covid-19
By Thaya Jan 05, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් සංඛ්‍යාව 72 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක එස්.කාමදේවන් මහතා පැවසිය.

එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු දස දෙනෙකු (03) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බවත් , එම අසාදිතයන් හැටන් වටවල වත්ත 07ක් ,වටවල නගරය ආසන්නයේ පදිංචි 03 ක් බවත්, එම අසාදිත පිරිස ස්වයං නිරෝධානයට යොමු කර සිටි අය බවයි පරිපාලනය මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

හැටන් වටවල පෞද්ගලික කර්මාන්ත ශාලාව තවදුරටත් වසා දමා ඇති අතර , එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 600 ක් පමණ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේ.