නිරෝධායනයට අවනත නොවූ කාන්තාවක් නිසා කොවිඩ් අවදානමක්

Covid-19 Quarantine
By Thaya Feb 06, 2021 06:49 PM GMT
Thaya

Thaya

Report

නිරෝධායන රීතීන්ට අනුගත නොවූ කාන්තාවක් හේතුවෙන් රජයේ කාර්යාලයක සේවකයින් පිරිසක් හා පාසල් ළමුන් පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට සිදුවීමේ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නිරත කාන්තාවක් ස්වයං නිරෝධායනයට යොමුකර සිටියදී පසුගිය දිනවල සේවයට වාර්තාකර ඇති අතර සිය දරුවන් දෙදෙනා ද පාසල් යැවීමට කටයුතුකර තිබුණි. එම තත්ත්වය මත සිදුකර තිබූ PCR පරීක්ෂණවලදී ඇයට මෙන්ම දරුවන් දෙදෙනාට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (05) දිනයේ හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් එම කාන්තාව සේවය කළ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවකයින් 07 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන ඇත.

එමෙන්ම ඇයගේ දරුවෙකු අධ්‍යාපනය ලබන අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 15 දෙනෙකු සහ තවත් දරුවන් දෙදෙනෙකු මෙන්ම අනෙක් දරුවා අධ්‍යාපනය ලැබූ පෙරපාසලේ සිසුන් දරුවන් 20 දෙනෙකු සහ ගුරුවරුන් 03 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට සිදුවිය.