මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම අවදානම් ලෙස ඉහළ යයි

Covid-19
By Thaya Jan 25, 2021 02:39 PM GMT
Thaya

Thaya

Report

අද වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සොයා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලින් ආසාදිතයන් වාර්තාවීම 5.5% සීමාවට පැමිණ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ දැනට මාසයකට කලින් එය 3% මට්ටමේ තිබුනද අද වන විට ශ්‍රී ලංකාව අවදානම් මට්ටම පසු කර අවසන් බවයි.

ඒ අනුව ආසාදිතයන් වැඩිවීම සමගින් අනිවාර්යයෙන්ම මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

මූලාශ්‍රයක් සොයා ගත නොහැකි රෝගීන් දිනපතා වාර්තා වෙමින් ඇති බවත් බිම් මට්ටමේ යතාර්ථය නම් සමාජය ව්‍යාප්තියක් ඇති බවද කී ඔහු ‍ප‍්‍රායෝගික යථාර්ථය වන්නේ ද සමාජය ව්‍යාප්තියක් බවද සඳහන් කළේය.

අද වන විට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලද වෛරසය ආසාදනය වෙමින් ඇතැයි පැවසූ ඔහු එළඹෙන මස මැද පමණ වන විට ආසාදිත රෝගීන් විශාල ලෙස රෝහල්වලට පැමිණීමට පටන් ගත හොත් ඔවුන්ට ප්‍රතිකාර කරන්නේ කවුදැයි ඔහු ප්‍රශ්න කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.