අවදානම මැද සේවය කරන ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත ඉල්ලයි

Covid-19
By Thaya Jan 30, 2021 05:55 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 එන්නත පළමු අදියරේ දී අවදානම් කලාපවල සේවය කරන ගුරුවරුන්ට ද ලබාදෙන ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය රජයෙන් ඉල්ලීමක්කර තිබේ.

හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්තමින් එහි ලේකම් සංකර් මනිවන්නන් මහතා සඳහන් කරන්නේ කොවිඩ් අවදානම නොතකා ගුරුවරුන් සේවය කරමින් ඇති බවය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, "එන්නත්කරණය පළමුවෙන් සෞඛ්‍ය අංශවලට ලබාදෙන එක හොඳ දෙයක්. ඒ වගේම කොවිඩ් -19 වෛරසය ළමුන් අතරත් ගුරුවරුන් අතරත් පැතිර යන්න පුළුවන්. දැනටමත් සමහර පාසල්වල ගුරුවරුන්ට වෛරසය හැදිලා තියෙනවා. සමහර ගුරුවරු නිරෝධායනය වෙනවා. විශේෂයෙන් වතුකරයේ දැඩි අවදානම් තත්ත්වයක් තියෙන්නෙ. ඒ නිසයි අපි රජයෙන් මේ ඉල්ලීම කරන්නේ." යනුවෙනි.

ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය අද (28) පෙරවරුවේ මෙරටට ලැබී තිබුණි.

කොවිඩ් මර්දනය සඳහා එන්නත පළමුව දීමට රජය සැලසුම් කර තිබෙන්නේ ඉදිරිපෙළ ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙතය.

එන්නත දීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) ආරම්භ කෙරෙයි


ReeCha