කතරගම පෙරහැරේ නැටුම් කණ්ඩායමේ 15කට කොවිඩ්

Corona Sri lanka
By Sithumi Jul 19, 2021 01:28 PM GMT
Sithumi

Sithumi

Report

කතරගම මහා දේවලායේ ඇසල පෙරහැර ට සහභාගි වු නැටුම් කණ්ඩායම්වල 15දෙනෙක් ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

ඊයේ (18) දිනයේ දී නැටුම් කණ්ඩායම්වල සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවලින් අනතුරුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇත. ඔවුන් හඳුනා ගැනීමෙන් අනතුරුව කස, ගිනිබෝල සමඟ නැටුම් කණ්ඩායම් 4ක් පෙරහැරෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඊයේ රුහුණු කතරගම ඇසල පෙරහැර මංගලයේ 9 වන පෙරහැර වීථී සංචාරය කෙරිණි.

ඒ අනුව සම්ප්‍රදායික චාරිත්‍රවලට මුල්තැන දෙමින් පෙරහැර මංගල්‍ය ක්‍රියාත්මක වුවද සීමිත නැටුම් කණ්ඩායම් කිහිපයක් එක්කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණි.