නගර සීමාවේ පදික වෙළෙඳාම තහනම් - අලුත්ම නීතිය මෙන්න
මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පවසන්නේ මහනුවර නගර සීමාවේ පදික වෙළෙඳාම ලබන ජනවාරි 01 දා සිට තහනම් කරන බවයි.
මෙයට මාස පහකට පෙර ගත් සභා තීරණයකට අනුව මෙම ඉවත් කිරීම සිදුකරන බවත් සභා තීරණය ගැනීමෙන් පසු පදික වෙළෙඳුන්ට ඉවත්වීම සඳහා මාස හයක කාලයක් ලබා දුන් බවත් ඒ අනුව එම කාලය මෙම මස 31දායින් අවසන් වන බවත් නගරාධිපතිවරයා පැවසුවේය.
මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට සහ දළදා වීදියේ අනවසර වෙළඳාම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ නගර සභාවට පැමිණිලි රැසක් ද ලැබී තිබූ බවයි වාර්තා වේ.