දේශපාලන පළිගැනීම් සොයන ජනාධිපති කොමිසමට ජවිපෙන් චෝදනාවක්

President
By Thaya Jan 26, 2021 06:11 PM GMT
Report

නිදහස් සන්ධාන රජය සමයේ සිදුවූ මූල්‍ය වංචා ඇතුලු වැරදි කිහිපයක විත්තිකරුවන් රැසක් නිදොස් කොට නිදහස් කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

දේශපාලන පළිගැනීම් යන වචනයට මුවා වී එම නිර්දේශ දී ඇති බවයි පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද අද පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත්කර ඇති නිර්දේශ හේතුවෙන් අනාගතයේදී ඉතා බරතල ගැටලු ඇතිවිය හැකි බවටයි ඔහු අනතුරු අගවා සිටියේ.