ජෝ රූට් ගෙන් ශතකයක් : ඇඹුල්දෙණිය කඩුලු දඩයමක

Cricket
By Thaya Jan 25, 2021 02:39 PM GMT
Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අභියෝගාත්මක පන්දු යැවීමක නිරත වීමට ශ්‍රි ලංකා පිළ අද උදෑසන සමත්වුණා. ඒ, එංගලන්ත පිළේ තවත් කඩුළු 02 ක් සමග එංගලන්ත පළමු ඉනිමේ කඩුළු 04 ක් දවා ගනිමින්.

එහෙත්, එක් අන්තයක් රැක ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කරන ජෝ රූට්, නොදැවී ලකුණු 105 ක් රැස්කර ගෙන සිටිනවා.ඒ ඔහුගේ 19 වන ටෙස්ට් ශතකයයි.

එංගලන්ත පළමු ඉනිමේ බිඳ වැටුණු කඩුළු 04 ම ලසිත් ඇඹුල්දෙණිය විසින් දවා ගනු ලැබුවා. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එංගලන්තය කඩුළු 04 කට ලකුණු 181 ක් රැස්කර ගෙන සිටියා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 381 ට පිළිතුරු ලෙසයි.