අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ගමන්ගත් ජීප් රථය ඔහු සමග ජල පහරකට හසුවෙයි..

Police Chamal Rajapaksa Shasheendra Rajapaksa
By Thaya Mar 22, 2021 05:09 PM GMT
Thaya

Thaya

Report

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ලෑන්ඩ්කෲසර් ( v8 )වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට අසුව ගසා ගෙනගොස් ඇති බවට වාර්තා වනවා.

බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති උත්සව කීපයකට සහභාගී වී ඊයේ පස්වරුවේ (21) ආපසු මොනරාගල දක්වා ගමන් කරමින් සිටියදී අමාත්‍යවරයා මෙම අනතුරට පත්ව ඇති බවටයි සදහන් වන්නේ.

අධිකවර්ෂාවත් සමග පුබ්බාර ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර සපත්තු පාලමෙන් ගමන් කරද්දී රථය සමග ඇමැතිවරයා ගසාගෙන ගොස් ඇත.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා ගමන්ගත් වාහනය බේරාගෙන ඇති අතර අනතුරින් ඇමැතිවරයාට හෝ කිසිවකුටත් තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.