කොටුව-මාළඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටවීමෙන් ජපානයට බිලියන 05ක වන්දියක් ගෙවයි..

Japan Suspension
By Thaya Jan 17, 2021 10:40 AM GMT
Thaya

Thaya

Report

කොටුව සහ මාලඹේ අතර ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම හේතුවෙන් ජපානයේ ජයිකා ආයතනය ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 5 ක වන්දියක් ගෙවීමට සිදුවී ඇත.

අදාළ ව්‍යාපෘතිය සඳහා වසර 35කින් ගෙවී යන ලෙස ණය මුදලක් ලබා ගැනීමට නියමිතව තිබූ අතර මේ වන විටත් ඉන් බිලියන 3ක පමණ මුදලක් වියදම් කර ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

විෂය භාර රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා ද සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කිරීම නිසා ජයිකා ආයතනය යම් වන්දියක් ගෙවීමට සිදුවන බවයි.

එම මුදල ගණන් බලා නැති බවද ප්‍රකාශ කල ඔහු එකී ව්‍යාප්තිය සඳහා හම්බන්තොට වරාය සෑදීම සදහා වියදම් කළ මුදල මෙන් දෙගුණයක් වැය කිරීමට නියමිතව තිබූ බවද පැවසීය.

එතරම් විශාල මුදලක් වැය කිරීමට සිදු වීම හේතුවෙන් එය අත්හිටුවීමට රජය තීරණය කළ බවද ඔහු සඳහන් කළේ ය.