යුග දිවි වනසන කම්මැලි සැමියන් ගැනයි
යුග දිවිය තුල සැමියාගේ අලසකම ලොකු ගැටළු නිර්මාණය කරනවා. දරුවන් රැකබලා ගැනීම හා ගෙදර දොර කටයුතු සැමියා හා බිරිද බෙදා හදා ගෙන කල යුතු වගකීමක් වෙනවා. සැමියාට කාලා පිගාන සෝදන්න අමතක වෙනවා නම් ගේදොර වැඩ කටයුතු වලට සහය නොදෙනවාද? එසේනම් ඔහු තම බිරිදගේ පිට මතට විශාල වැඩ කන්දක් එකතු කරනවා පමණයි. විශේෂයෙන් ඇය මවක් වෙනවිට ඇයට දරාගන්න නොහැකි තරම් වැඩ කන්දක් එකතු වෙනවා. එය ඇයට බරක් වෙනවා නම් ඔබේ බිරිදට ඉක්මනින්ම යුග දිවිය තිත්ත වේවි. දෙදෙනා ගෙන් එක් අයෙක් හෝ අසතුටින් නම් යුග දිවිය තවත් රසවත් වන්නේ නැහැ. සැමියාගේ අලසකම විවාහය බිද හෙලන්න පුළුවන්ද?
ඇත්තටම ගෙදර වැඩ කරන්න අකමැති සැමියෙක් සිටීමෙන් ඔබට පිරිසිදු කරගත නොහැකි වු අපිරිසිදු නිවසක් ඉතිරි වෙනවා. එපමණක් නොව ඔබේ සම්බන්ධතාවයද දෙදරා යනවා. නොසලකා හැරීම හෝ කලකිරීම නිසා ඇතිවෙන වේදනාකාරි හැගීම් මෙයට හේතු වෙනවා. ඒ වගේම සැමියාගේ කම්මැලිකම විවාහයක වර්ධනය පවා අඩාල කර දමනවා. එය ඔබ දෙදෙනාගේම අරමුණු කරා ලගා වීම වළක්වනවා. එය සරලව පෙනුනත් කම්මැලි කම නිසා ඇතිවෙන ඉරිතලා යෑම් ආරම්භ වන්නේ පුංචි පුංචි දේවල් සමගයි. ඒ විදියට කම්මැලිකමේ පුංචි ක්‍රියාවක් ඔබේ විවාහය ක්‍රමයෙන් විනාශ කර දමන්න පුළුවන්. එය මෙසේ වීමට හේතු හා කිහිපයක් අපි අද ඔබ වෙත ගෙන එනවා.
1. කම්මැලිකම ඔබේ නොසැලකිල්ල පෙන්නුම් කරනවා ඔබ ඔබේ සහකාරියට උදව් කිරීමට උත්සාහ නොකරන්නේ නම්, ඇය මත බර පටවා ඇය ඉන් පීඩා විදීම ඔබට ගැටළුවක් නොවන බව ඇයට පෙන්වනවා. දවස පුරා නිවසේ වැඩ එක්කම ඔට්ටු වෙන ඇයට එය කොතරම් වේදනාකාරි දෙයක් වේවිද?
2. කම්මැලිකම ඔබට සහභාගීත්වය අවශ්‍ය නැති බව පෙන්වනවානොසැලකිලිමත් ලෙස කම්මැලි වීමෙන් ඔබේ සහකාරියට ඔබට ප්‍රීතිමත් නිවසක් සහ එක්ව ජීවිතයක් ගොඩනඟා ගැනීමට සහභාගීවීම අවශ්‍ය නැති බව හැඟෙනවා. දෙදෙනාම එක්ව යන්නට පටන් ගත්ත යුග දිවිය තුල ඇයව මෙලෙස අතහැර දැමීමෙන් ඇය පවුල තුල කොතරම් අසරණ වෙනවා දැයි මොහොතක් කල්පනා කරන්න.
3.කම්මැලිකම නිසා ඔබේ සහකරුට ඔබේ අවශ්‍යතා පළමුව ඉටු කරගන්නා බව පෙන්වනවා. ඔබ සහකාරියට උදව් නොකර සිටීමෙන් ඔබ ඔබේ ඇයට ප්‍රමුඛතාවය නොදක්වන බව පෙන්වනවා. ඔබේ ජිවිතයේ ඉහලම තැන ඉන්න පතා ගෙන ඔබත් එක්ක සියල්ල අතහැර ආපු ඇයට ඒ සිතුවිල්ල බර වැඩියි නේද? කම්මැලි ස්වාමිපුරුෂයෙකු වඩාත් කඩිසර වීමට ඔබට කරන්න පුළුවන් දේවල්
කම්මැලිකම එක රැයකින් වර්ධනය වන ගති ලක්ෂණයක් නම් නෙමෙයි. එය පුද්ගලයෙක් හැදී වැඩුණු ආකාරය මෙන්ම ඔහුගේ මුල් වැඩිහිටි කාලය ගත කළ ආකාරය ද පෙන්නුම් කරනු ලබනවා. ඔහු හැදී වැඩුණේ රැකවරණය නිවසේ වැඩ කටයුතු ඉගෙනීමෙන් වැළකී සිටිමට පොළඹවන දෙමාපියන් සහ සහායකයන් සිටි පරිසරයකදද? ඔහු කවදාවත් තනිව ජීවත් වී නොමැති නම් හෝ විවාහ වීමට පෙර තමන් ගැනම සොයා බැලීමේ අවශ්‍යතාවය දැනුනේ නම්, ඔහු මේ ගැන සැලකිලිමත් වෙමින් සිය සහකාරියට උදව් කිරීමට තියෙන ඉඩකඩ බොහොම වැඩියි තනිව ජීවත් වූ පිරිමින් ජිවත් වෙන ස්ථානය සකස් කිරීම හෝ පිරිසිදු කිරීම ගැන සැලකිලිමත් නොවීම අවාසියකි. කෙසේවෙතත්, කම්මැලි වීමට ඇති සැමියන් තුල ඇතිවෙන ආශාව ඔවුන් හොඳ සැමියන් බවට පත්වීමට බාධාවක් වෙන්න පුළුවන්.
කම්මැලි ස්වාමිපුරුෂයෙකුට එය නැති කර ගැනීමට සහය දීම සඳහා, ඔබ පළමුව ඔහු තුල විශ්වාසය ගොඩනඟා ගත යුතුයි. ආහාර වේලක් සඳහා අමුද්‍රව්‍ය පිළියෙළ කිරීම හෝ සිල්ලර බඩු මිලදී ගැනීම සඳහා සාප්පුවකට යාම වැනි සරල කටයුත්තක් වුවත් , බිරිද සැමියාගේ වගකීම් විශ්වාස කරන බව පෙන්විය යුතුය. බිරිද සිය සැමියාව විශ්වාස කරන බව ඔහුගේ සහයෝගය අගය කරන බව දැනෙන්න දිය යුතු වෙනවා. විවාහ වීම සහ පවුලක් ඇති දැඩි කිරීම වැඩ බහුල කටයුත්තකි. ඒ සඳහා කාලය, උත්සාහය මෙන්ම කැප කිරීමද අවශ්‍ය වෙනවා. එය එක් සහකරුවෙකු තුලින් පමණක් නොව සහකරුවන් දෙදෙනා තුලින්ම මතුවීම අවශ්‍ය වෙනවා. ඒ නිසා කම්මැලි කම බිඳ දැමීමට එක්ව කටයුතු කරන්න. එවිට කම්මැලිකමට ඔබේ විවාහය සිද බිද දමන්නට අවස්ථාවක් නොලැබේවි.
කම්මැලිකම පසෙකලා බිරිදට උදව් කල යුත්තේ ඇයි? කම්මැලි කම කිසිවෙකුට සාර්ථකත්වයට යන්නට ඉඩ දෙන්නේ නැත. එය සෑම දෙයකටම මෙන් පවුලටත් අදාල වෙනවා. ඒ දෙය තේරූම් ගෙන සහයෝගයෙන් කටයුතු කිරීමෙන් හොද පවුල් ජිවිතයක් ඔබට හිමි කරගන්න පුළුවන්. මේ වචන ටික ලොව සියලුම බිරින්දෑවරුන් වෙනුවෙන් සැමියන්ට කියන්න මට අවශ්‍යයි. ඔබේ බිරිද ඔබ වෙනුවෙන් ඔබට ඇති ආදරය වෙනුවෙන් සිය පවුල අතහැර ඔබ වෙත එනවා. ඒ ඔබ ගැන විශ්වාසයෙන්. විවාහය තුල ලෝකය තනිකඩ ජිවිතය වගේ නෙමෙයි. ඉතින් ඇයට සුවපහසු සුරක්ෂිත ලෝකයක් මැවීම ඔබගේ වගකීම නේද?
ඔබේ පවුලේ බර උසුලා ගෙන වැඩකටයුතු කරන්න ඇයට ශක්තියක් වෙන්න. එය ඇය කෙරෙහි ඔබගේ ආදරය පෙන්වනවා පමණක් නොවෙයි. එය ඇයට ඔබ හා එක්ව වැඩ කිරීමට අවස්ථාව සලසනවා. මේ ඇත්තමයි කියන්නේ ඒක බිරිදකට සුමිහිරි හැගීමක් ගෙන දෙනවා. දෙදෙනා අතර තේරූම් ගැනීම මෙන්න බැදීම හා ආදරයත් වැඩි කරනවා. අනෙක් අතට පවුල කියන ඒකකය ඇතුලේ ගොඩාක් වැඩකටයුතු කරන්න තියෙනවා. පවුල කියන කරත්තයේ බර විවාහය විසින් ඉදිරයට ඇදගෙන යන්න නම් ඒ බර උසුලාගන්න සැමියා හා බිරිද ඒ කරත්තේ රෝද දෙක වගේ වෙන්න අවශ්‍ය වෙනවා. ඒක රෝදයක් හෝ බිදි ගියහොත් පවුලේ බර අනෙක් රෝදය මතට කඩා වැටී විවාහය අතරමග නතර වෙනවා. ඒ නිසා ඔබ පවුල නම් බර උසුලන්න සම දායකත්වයක් ලබා දෙන්න. සැමියාගේ අලසකම ඇයට තවත් වදයක් කරන්න එපා.
මේ ලිපිය ඔබට වැදගත් වේවි කියා අප සිතනවා. සැමියාගේ කම්මැලි කම නැති කරන්න ඔබත් කල දේවල් තියෙනවාද? ඔබේ අදහස් අප හා බෙදාගන්න.


