“කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක්”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ඊයේ (28) දින ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත, ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ ආරක්ෂක සේවාවන් සදහා අද ලබාදීමේ කටයුතු ආරම්භ කිරීමට ලැබීම පිළිබදව තමා ඉතා සතුටට පත්වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
තමන් මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබාගනිමින් සිටින බැවින් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගි වීමට නොහැකි වූවත් මෙම එන්නත්කරණ වැඩ පිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය කීවාය.
මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග මෙරට කොවිඩ් වෛරසය මර්දනය වැඩපිළිවෙල තවත් ශක්තිමත් .ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කොට එන්නත්කරණ වැඩපිළිවෙළක ඇති වැදගත්කම පිළිබදව ජනාධිපතිතුමා දැනුවත් කළ බවත්, ඒ අනුව ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය සහ මැදිහත්වීම මත මෙරටට මෙම එන්නත බලා පොරොත්තු වූ කාල සීමාවටත් පෙර ලබාගැනීමට හැකි වීම සතුටට කරුණක්.සීය.
කඩිනමින් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කළ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ඇතුලු ඉන්දීය රජයටත්, මෙම කටයුතු සම්බන්ධීකරණය කළ ජනාධිපතිතුමාගේ උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුලු කොවිඩ් එන්නත්කරන කමිටු සාමාජිකයින් සියළු දෙනාටත්, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඇතුලු දේශපාලන නායකත්වයටත්, ශ්‍රී ලංකා සහ ඉන්දියානු මහ කොමසාරිස්වරුන් හටත්, සෞඛ්‍ය ලේකම් තුමා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුලු සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ටත්, එන්නත ලැබුනු අවස්ථාවේ සිට බෙදාහැරීම් කටයුතු සිදු කරන සහ එන්නත්කරණ වැඩපිළිවෙලට සම්බන්ධ වෛද්‍ය, හෙද ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ නන් අයුරින් සහයෝගය දැක් වූ සියළු දෙනාටත් සිය ස්තූතිය මෙම අවස්ථාවේ පුද කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ආරම්භ වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අදියර වශයෙන් හෙට දින සිටම මුළු දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සඳහා එන්නත්කරණය කිරීමට පියවර ගෙන ඇති බවත්, මෙරට සියළු ජනතාවට ද එන්නත ලබාදීමට ඉදිරියේ දී කටයුතු සිදු කරන බවත් පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරිය කොවිඩ් මර්දනය සදහා ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගනිමින් මෙරටින් කොවිඩ් වෛරසය තුරන් කිරීමට කැපවී කටයුතු කරන බවද වැඩි දුරටත් පැවසුවාය.
