ප්‍රදේශ රැසක හුදකලා බව ඉවත් කෙරේ

Covid-19 Isolation
By Thaya Jan 22, 2021 07:20 PM GMT
Thaya

Thaya

Report

අද (21) සවස 6 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වයන් ඉවත් කර තිබේ.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.

01. කාන්තන්කුඩි පොලිස් වසම

02.බණ්ඩාරගම / අටුලුගම

03. මොනරාගල / බඩල්කුඹුර

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි (Arasady) ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබේ