දිස්ත්‍රික්ක 7ක ග්‍රාම සේවා නිලදාරී වසම් 100ක් හුදෙකලා කෙරේ

trinco galle travel restriction kurunegala kaluthara
By Sewvandhi Apr 27, 2021 02:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දැනට පැතිර යන කොරෝනා වසංගත තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක 7 ක ග්‍රාම සේවා නිලදාරී වසම් සියයක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනව.

ඒවා කුරුණෑගල,කළුතර, ත්‍රිකුණාමලය, ගම්පහ, ගාල්ල, පොලොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට අයත්.

ඉන් 87ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් වසමේ පිහිටා තිබෙනවා.කළුතර මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත ,පැලවත්ත, උතුර පැලවත්ත, නැගෙනහිර සහ කළුතර දකුණ, අදිකාරි ගොඩ යන ග්‍රාම නිලධාරි වසම් මේ වන විට හුදෙකලා කර තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ.ගම්පහ දිස්ත්‍රික්කයේ ද පොල්හේන,හීරලුගෙදර, කලුඅග්ගල,අස්වැන්න වත්ත, නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කර තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ යන ග්‍රාම නිලධාරි වසම් ද ඊයේ රාත්‍රී 8 සිට හුදකලා කෙරුනා.

එමෙන් ම මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල පොලිස් බල ප්‍රදේශයේ පල්ලෙ කුඹුර ග්‍රාම නිලධාරී වසමත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුර ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් සිරිකෙත යන ග්‍රාම නිලධාරී වසම අද උදෑසන සිට හුදකලා කරා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi