වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පොලිස් ස්ථානයක් වසා දැමේ

isolated police station quarantine PCR test mavanalla
By Sewvandhi May 20, 2021 11:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි මාවනැල්ල පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමේ.

සිදු කල PCR පරීක්ෂන වලින් පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ පරීක්ෂන වාර්ථා ධනාත්මක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අංශ සදහන් කලේය. 

 එම නිලධාරීන් දෙදෙනා පොලිස් නිල නිවාස වලට අනුයුක්ත කර ඇති බව සඳහන් ය. 

නිරෝධායනය සඳහා සියලුම පොලිස් නිලධාරීන් යොමු කර ඇති අතර විෂබීජ නාශනය සඳහා පොලිස් ස්ථානය තාවකාලිකව වසා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (20) උදෑසන වන විට මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 3,623ක් හඳුනාගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 32ක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින් වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉතිරි පුද්ගලයින් 3,591 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 761ක් ලෙසය.

මීට අමරතව කළුතරින් 493ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 275ක් ලෙස ආසාදිතයින් වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම නව ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now