ආණ්ඩුව රාජ්‍ය සේවකයා රැවටීමකට ලක් කරයි?
නව වසර උදාවත් සමගින් එළබෙන උත්සව සමයේ රාජ්‍ය සේවකයින් සදහා බැංකු මගින් ගෙවීමට නියමිත පරිපුරක උත්සව ණය යෝජනා ක්‍රමය මගින් ආණ්ඩුව තවත් වටයකින් රාජ්‍ය සේවකයා රැවටීමට ලක්කර ඇතැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැදවුම් කරු එස්.පී විතානගේ මහතා පවසයි.
22/2020 හා 2020/12-16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව මාසිකව රුපියල් 50 000/= ක හෝ ඊට වැඩි වැටුප් ලබන සේවකයින් සදහා රුපියල් 50 000/=ක්ද රුපියල් 25 000 =/සිට රුපියල් 50 000 /= දක්වා මාසික වැටුප් ලබන සේවකයින්ට රුපියල් 25 000/= ක් සහ රුපියල් 25 000/=අඩු වැටුප් ලබන සේවකයින්ට රුපියල් 10 000/=ක් වශයෙන් ණය ලබා ගත හැකිය.ඒ සදහා 0.625 % ක පොලියක් අය කරන අතර ආයතන ප්‍රධානියා විසින් සහතික කරන ලද ලේඛනයන් බැංකුව වෙත යැවිමෙන් ණය මුදල ලබා ගත හැකි බවත් එසේ ලබා දෙන ණය මුදල 2021 වර්ෂයේ සිට මාසිකවාරික 10 කින් අයකර ගන්නා බව සදහන් වේ.
චක්‍ර ලේඛනයේ එසේ සදහන් වුවද ණය මුදල ලබා ගැනීමේදී වැටුප බැංකුවට හැරවීමටත් ,ඇපකරුවන් ඉදිරිපත් කිීරීමටත්,සහතික කළ වැටුප් පත්‍රාකාවක් ඉදිරිපත් කිරීමටත්,දිවුරුම් ප්‍රකාශ යන් ඉදිරිපත් කිරීමටත් සිදුවෙයි.පොලිය 0.625 ක් බව සදහන් වුවද සාමාන්‍ය වාර්ෂික පොලය 7.5% කි .එවැනි ආකාරයට පොලිය ගෙවීමටද ,කොරෝනා කාලසීමාව තුළ ගෙවීමට අපහසු වු බැංකුවට අයවියයුතු යම් මුදලක් වෙතොත් එයද මෙම ණය මුදලින් අඩුකර ගැනීමට බැංකුව කටයුුතු කරයි.
පරිපුරක උත්සව ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙතෙක් රාජ්‍ය සේවකයා බුක්තිවිදි උත්සව අත්තිකාරම් ලබා ගැනීමේ අයිතිය කප්පාදු කරමිණි. කිසිදු අපහසුතාවයකින් හා පොලියකින් තොරව රුපියල් 10 000/= ක උත්සව අත්තිකාරම්ක් ලබා ගැනීමට රාජ්‍ය සේවකයාට තිබු හැකියාව අහිමි කරමින් මෙම යෝජනා ක්‍රමය මගින් ආණ්ඩුව රාජ්‍ය සේවකයා තවදුරටත් ණය කාරයකු බවට පත්කර ඇතැයිද,මෙය ප්‍රෝඩාවක් බවද සම කැදවුම් කරු එස්.පී විතානගේ මහතා පවසයි.

