අලුත් අවුරුදු සමයේ උත්සව පැවැත්විය හැකිද?

New year
By Thaya Mar 10, 2021 07:16 PM GMT
Report

කොවිඩ් අවුරුදු රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වහාම නිකුත් කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා තවත් ඇත්තේ මාසයකට ආසන්න කාලයක් බැවින් මෙවර අවුරුදු උත්සව පැවැත්වීමට ඉඩ ලබාදෙන්නේද, ඒ සඳහා පුද්ගලයන් කීදෙනකුට සහභාගි විය හැකිද යන්න පිළිබඳව කරුණු ඇතුළත් කර සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් වහාම නිකුත් කරන්නැයි සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය ඉල්ලා සිටියි. මේ වනවිට විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් අවුරුදු උත්සව සංවිධානය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විවිධ අදහස් ලබාගැනීමට උත්සාහ දරන බැවින් මේ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම ඉක්මනින් කළ යුතුව ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.