අද සිට ජනතාවගේ සියළු ඇමතුම් රජය අසා සිටියි?...

Government
By Thaya Feb 02, 2021 06:31 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

“නව සන්නිවේදන රෙගුලාසි” ව්‍යාජ පුවත නැවතත් කරළියට

අද (පෙවරවාරි 1) දිනයේ සිට “නව සන්නිවේදන රෙගුලාසි” නම් නව නීතියක් ක්‍රියාත්මකවන බව පවසන ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය යෙදුම් හරහා හුවමාරුවන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඊයේ (ජනවාරි 31) සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජනතාව දැනුවත් කොට ඇත.

මෙම ව්‍යාජ පුවත 2019 වසරේ සිට වසර කිහිපයක් තිස්සේ සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන අසත්‍ය පුවතක් බවත් මෙවැනි සාවධ්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය යෙදුම් හරහා හුවමාරු කරගැනීමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශිලකයන්ව දැනුවත් කරමු.

මෙම ව්‍යාජ පණිවිඩයට අනුව ශ්‍රී ලංකාවේ සියලුම දුරකතන ඇමතුම් සහ සමාජ මාධ්‍ය හරහා ලබාගන්නා ඇමතුම් රජය හරහා අධීක්ෂණය වන බව පවසා තිබුනත් සමාජ මාධ්‍ය අඩවි මගින් හුවමාරු වන අන්තර්ගතයන් වල අඩංගු දත්ත සියල්ලම අධීක්ෂණය කිරීමට රජයට අනුමැතිය නොමැති බවත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස වැඩිදුරටත් ශ්‍රී ලාංකික ජනතාවට දන්වා සිටින්නෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය