නැවතත් හෝර්මූස් සන්ධියේ ප්‍රශ්ණය උඩු දුවයි - ඉරානයෙන් දරුණු අනතුරු ඇගවීමක්

Report

එක්සත් ජනපදයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කළ අනතුරු ඇඟවීමේදී ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්සි පැවසුවේ හෝමූස් ගැටලුව සම්බන්ධයෙන් මඩ ගොහොරුවක සිරවී නොසිටින ලෙසයි.

හෝමූස් ගැටලුවේ මෑත කාලීන ගැටුම් දේශපාලන අර්බුද කිසිදා මිලිටරිමය වශයෙන් විසඳා ගත නොහැකි බව ඔහු සඳහන් කළේය. ඔහුගේ X සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමින් ඔහු පවසා සිටියේ,

පකිස්ථානයේ යහපත් උත්සාහයන් නිසා දෙරට අතර සාකච්ඡා ඉදිරියට යමින් පවතින නමුත් සමහර නපුරු බලවේගයන්ගේ උසිගැන්වීම් හේතුවෙන් එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නැවත යුද තත්ත්වයකට ඇද දැමීමෙන් වැළකී සිටිය යුතු බවට ඔහු අනතුරු ඇඟවීය.

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රහාරයක් - තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රහාරයක් - තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්

එසේම, ගල්ෆ් කලාපයෙන් වාණිජ නැව් ඉවත් කිරීම සඳහා එක්සත් ජනපදයේ ව්‍යාපෘති නිදහසේ සැලැස්ම විවේචනය කරමින් ඔහු කියා සිටියේ මෙම සැලැස්ම ඇත්ත වශයෙන්ම සාම සාකච්ඡා අවුල් සහගත තත්වයක් ලෙස පෙන්වා දී ඇත.

මාසයක් තිස්සේ පැවති සටන් විරාම ගිවිසුම අස්ථාවර කර ඇති ඇමරිකානු සහ ඉරාන හමුදා අතර මෑතකදී සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් පසුව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්සිගේ මෙම අදහස් පළ වී ඇති බව සැලකිය යුතු කරුණකි.