භික්ෂූන් වහන්සේලා ගැන CID යට තොරතුරක්

Monks
By Thaya Apr 03, 2021 08:03 PM GMT
Thaya

Thaya

Report

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් භික්ෂුන් වහන්සේට රියැදුරු බලපත්‍ර ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන් අයදුම්පතක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විහාරාධිපති, පරිවේණාචාර්ය හා පාඨශාලාචාර්ය තනතුරු දරන භික්ෂුන් වහන්සේට පමණක් එම රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට හැකි බව එම අයදුම්පතෙහි සඳහන්.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගෙන් විමසීමේදී ඒ මහතා කියා සිටියේ, තම අමාත්‍යංශය භික්ෂුන් වහන්සේට රියැදුරු බලපත්‍ර ලබා දීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එය මෙරට නීතියෙන් තහනම් කර ඇති බවයි. ඒ අනුව, මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බවත්, මේ පිළිබඳව මහ නායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළා