කොළඹ දිස්ත්‍රික්කයේ යලිත් ආසාදිතයන් වැඩි වෙයි... උත්සව සමයේ අවදානම තවත් ඉතලට...

covid-19 corona colombo district
By Thaya Dec 25, 2020 11:30 AM GMT
Report

කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් යළි ඉහළ ගොස් තිබෙනවා. ගතවු පැය 24 දී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 580 දෙනාගෙන් 228 දෙනෙකුම වාර්තා වන්නේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්.

කෙසේවෙතත්, පෙරදිනවලට සාපේක්ෂව ගතවු පැය 24 තුළ කොළඹ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මහ නගර සභා බලප‍්‍රදේශයෙන් පරිභාහිරව වීම කැපී පෙනෙන සිද්ධියක්. ඒ අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 99 දෙනෙකු වාර්තා වන්නේ අවිස්සාවේල්ල. කුරුඳුවත්තෙන් ආසාදිතයින් 29 දෙනෙකු, කොම්පඤ්ඤවීදියෙන් ආසාදිතයින් 26 දෙනෙකු හා මරදානෙන් ආසාදිතයින් 21 දෙනෙකු බැගින් ඊයේ වාර්තා වී තිබෙනවා.

පෙරේදා දිනයේ ආසාදිතයින් 03 දෙනෙකු පමණක් වාර්තා වූ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් අළුතින් ආසාදිතයින් 108 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඉන් 49 දෙනෙකු මහර බන්ධනාගාරයෙන්ද, 15 දෙනෙකු මීගමුව බන්ධනාගාරයෙන් ද වාර්තා වනවා. කඩවත ප‍්‍රදේශයෙන් ආසාදිතයින් 50 දෙනෙකු හා කටුනායක ප‍්‍රදේශයෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මහනුවර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 40 දෙනෙකු හා ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 15 දෙනෙකු බැගින් ගතවූ පැය 24 තුළ වාර්තා වන බවයි කොරෝනා 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය අද පැවසුවේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් අහඹු ලෙස සිදුකරන ඇන්ටිජන් පරීක්ෂණ මේවනවිටත් කි‍්‍රයාත්මක බවයි.