කොරෝනාවට බයේ උතුරට පැන ආ ඉන්දියානුවන්

jaffna quarantine travel restriction Indians mannarama
By Sewvandhi May 14, 2021 01:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවේ මේ වන විට පවතින දැඩි කොරෝනා අවධානම හේතුවෙන් ඉන්දියානුවන් උතුරට රහසිගතව පැමිණෙමින් සිටින අතරතුර ඉන්දියානුවන් රැගෙන එමේ ජාවාරමක් පිළිබඳවද අනාවරනය වී ඇති හෙයින් එලෙස පැමිණි 09 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව සහ පොලීසිය පවසයි.

මන්නාර මුහුදු තීරයට ඉන්දියාවේ සිට පුද්ගලයෙකු බොට්ටුවකින් රහසිගතව රැගෙන එමින් සිටියදී නාවික හමුදා භාරයට පත්ව ඇති අතර එහිදී ඉන්දියානුවා සමග ජවාරම් කරුවන් දෙදෙනෙකු යාත්‍රාෙව් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එයට උදව් කර තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

අත්අඩංගුවට පත් ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර සෙසු සිව් දෙනා මන්නාරම් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් භාර දීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

මේ අතර ඉන්දියාවේ සිට රහසිගතව යාපනයට බොට්ටුවකින් පැමිණ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව් දෙනෙකු සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.

කෙසේ වෙතත් අදාල පිරිස් වෙතට සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිවස තුලම දින 14 ක් පළමුව නිරෝධායනය කිරීමට පොලීසිය විසින් පියවර ගෙන ඇති අතර අදාල පිරිස් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් යාපනයට රැගෙන ආ පුද්ගලයින් සොයා පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now