ඉන්දීය ජාතිකයින් ලංකාවේ දී නිරෝධායනය කිරීමේ සැලසුමක් ?

sri lanka gampaha indians corontine kavinda jayavardana
By Sewvandhi Apr 26, 2021 04:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී විදෙස් රටවලට පිටත්කර යැවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කාවින්ද ජයවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

"ඉන්දියානු ජාතිකයන්ට සිංගප්පූරුවේ, සෞදියේ රැකියාවට යනවා නම් වෙනත් රටක නිරෝධායනය වෙන්න අවශ්‍යයි. මේක හඳුනා ගත්තු ලංකාවේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රබල නිලධාරියෙක් මේවා ව්‍යාපාරයක් කරගන්න හදලා. මේකෙ ගොදුරු වෙන්නේ ලංකාවේ ජනතාව. ඒකේ වගකීම භාර ගන්නේ කවුද?"

එහිදී අදාළ දැන්වීම පළකර ඇති ආයතනයේ සේවකයෙකු සමග පැවැත් වූ දුරකථන සංවාදයක් ද කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍යට නිකුත් කළේය. මෙම චෝදනාව සම්බන්ධයෙන්  සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතාගෙන් විමසීමක් කළේය. ඊට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි,

"සිවිල් ගුවන් සේවයට එහෙම චෝදනාවක් එල්ල කරන්න බෑ. හැබැයි අපිට ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න පුළුවන්. අපි නිරෝධායනය කියලා වෙනම පහසුකමක් දීලා නෑ."

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට (27) දිනයේදී සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රජ‍යේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

"රජය ලබා දී තිබෙන අනුමැති අයථා ලෙස යොදාගෙන වෙනත් රටවල පිරිස් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙලක් මේ ආකාරයෙන් සිදුවෙනවද කියලා සොයා බලන්න ඕනේ," යනුවෙන් ද ඔහු පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi