ඉන්දීය විදේශ ඇමති – විපක්ෂ නායක හා ද්‍රවිඩ පක්ෂ නායකයන් හමුවෙයි
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා සදහ මෙරට ද්‍රවිඩ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර සාකච්ඡා අද පැවැත්වුණා.
ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුව පැවැත්වුණේ අද පෙරවරුවේයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා සඳහන් කලේ ප්‍රතිසන්ධානය ඇතුලු කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමුකල බවයි.
අනතුරුව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය සහ ජයිශංකර් මහතා අතර හමුවක්ද පැවැත්වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා නිකුත් කල ට්විටර් පණිවිඩයක දැක්වුණේ සංවර්ධන ව්‍යාපෘති ඇතුලු දෙරටටම බලපාන කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමුකල බවයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයන් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක්ද පැවැත්වුණා. ඉන්දීය සහය මත වතුකරයේ ක්‍රියාත්මක ව්‍යාපෘති කෙරෙහියි එහිදී අවධානය යොමුකර ඇත්තේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස / අමාත්‍ය ඩග්ලස් දේවානන්දා / එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ ව්‍යාපාරික ප්‍රජාව සමගද ඉන්දීය විදේශ අමාත්‍යවරයා කොළඹදී සාකච්ඡා පවත්වනු ලැබුවා.