මෙරටට ආ තවත් ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා..

Covid Indian cricketers Krishmapa gavtham Ushwendran
By Aruna Jul 30, 2021 07:36 AM GMT
Aruna

Aruna

Report

සංචාරක ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වනවා.

කොවිඩ් වෛරසයේ අලුත්ම ගොදුර බවට පත්ව ඇති, ඉන්දිය ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ, ක්‍රිෂ්ණප්පා ගෞතම් සහ යුෂ්වේන්ද්‍ර චහාල් යන අයයි.

මොවුන් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු කෙරුණේ, ඊයේ සවස සිදු කරනු ලැබු පී.සී.ආර් පරීක්ෂණවලින් අනතුරුවයි.

මේ අනුව මේ වනවිට ඉන්දිය කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.

මීට පෙර කෘනාල් පාණ්ඩ්‍යා හට කොරෝනා වෛරසය ආසාදනය වූ අතර ඒ හේතුවෙන් ඔහුගේ සමීපතමයින් 9 දෙනෙකු කණ්ඩායමෙන් ඉවත් කර හුදකලා කිරීමට ඉන්දිය ක්‍රිකට් පලානාධිකාරිය තීරණය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha