ඉන්දියාවෙන් මෙරටට පැන්න කාන්තාව සොයාගත් ප්‍රදේශය මෙන්න.
ඉන්දියාවේ චෙන්නායි කුප්පම් හි සිට නීති විරෝධි ලෙස මෙරටට පැමිණ සිටියදී සොයාගත් පිරිස අතරින් අතුරුදන්ව සිටි කාන්තාව මේ වන විට සොයාගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසා සිටියේ, ඊයේ (01) රාත්‍රියේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී ඇය ව සොයාගත් බවය.
ඒ අනුව ඇය ව නිරෝධායනයට යොමුකිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇතැයි ද කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
මීට අමතරව නාවික හමුදාව විසින් වයඹදිග, උතුරුමැද සහ උතුරු යන මුහුදු ප්‍රදේශවල පාමුර සංචාර හා නාවික මුර යාත්‍රා වැඩි වශයෙන් යොදවමින් අනවසර සංක්‍රමිකයින් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මඟින් රට තුළට කොරෝනා පැමිණීම වැළැක්වීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් ඇගේ දරු දෙදෙනාද සමඟින් සෞඛ්‍ය අංශ විසින් ඊයේ (01) සොයාගෙන නිරෝධායනය කරනු ලැබීය.
අදාළ කාන්තාව සමඟ ඉන්දියාවේ සිට පැමිණි තිබු අනෙක් කාන්තාව නාවික හමුදාව විසින් එලෙස සොයාගෙන තිබේ.
මේ අතර ඉහත දැක්වු කාන්තාවට සහ දරු දෙදෙනාට රැකවරණය ලබාදුන් සහ ඔවුන් ඇසුරු කළ ප්‍රදේශයේ පවුල් 5ක පුද්ගලයින් 26 දෙනෙකු ද නිරෝධායනය කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa