මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
2025 වසරේ ජනවාරි මාසයට සහ මෑත මාසවලට සාපේක්ෂව, 2026 වසරේ ජනවාරි මාසයේ දී, විදේශීය ජංගම ගිණුමේ ඉහළ අතිරික්තයක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කර තිබේ.
ඒ වගේම 2025 වසරේ දී ඇස්තමේන්තු කළ එ.ජ. ඩොලර් බිලියන 1.7ක (තාවකාලික) අතිරික්තයෙන් පසුව වාර්තා වූ මෙම අතිරික්තය විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වයේ අඛණ්ඩ වර්ධනය පෙන්නුම් කරනු ලබයි.
මහ බැඞකුව වැඩිදුරටත් සඳහන් කළේ එසේම ආනයන වල වර්ධනයට වඩා අපනයන වල වර්ධනය ඉහළ යෑම නිසා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2026 වසරේ ජනවාරි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු වී තිබෙන බවයි.
තවද 2026 වසරේ ජනවාරි මාසයේ දී සංචාරක පැමිණීම් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනයක් වාර්තා කර තිබේ.
ඒ අනුව 2025 වසරේ වාර්තා වූ මාසික මට්ටම් ද ඉක්මවා ගොස් ඇත. 2026 වසරේ ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 378ක් ලෙසයි ඇස්තමේන්තු ගතකර තිබේ.
මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

