කොවිඩ් එන්නත ගැන ඉන්දියාවෙන් ලංකාවට පොරොන්දුවක්.

India Covid-19 Sri Lanka Corona Vaccine
By Thaya Mar 25, 2021 07:39 PM GMT
Thaya

Thaya

Report

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රා සෙසෙකා කොවිඩ් මර්දන එන්නත් තාවකාලිකව අපනයනය නතර කිරීමට ඉන්දියාව තීරණයකර තිබුණත් ශ්‍රී ලංකාවට ලබාදෙන බව දන්වා ඇතැයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ඒ සඳහා ඇනවුම ලබාදී තිබීම හේතුවෙන් ඉන්දියාව එය විශේෂ සැලකිල්ලකට ලක්කර ඇති බවය.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇනවුම් කරඇති ප්‍රමාණයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරියේදී ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව ගෙනඇති තීරණය සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් කළ විමසීමකදී ඔහු ඒ බව පැවසීය.