ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානයට ඉන්දියාවෙන් විශේෂ අවසරයක්
By Kaushi
ශ්‍රී ලංකාවට ආපදා ආධාර රැගෙන යාමට සිය ගුවන් කලාපය හරහා ගමන් කිරීමට අවසර ඉල්ලුවද ඉන්දියාව ඒ සඳහා අවසර ලබා නොදුන් බවට පාකිස්තාන මාධ්‍යයන් පළ කර තිබෙන වාර්තා පදනම් විරහිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉන්දීය ආරක්ෂක නිලධාරින් විසින් ප්‍රකාශ කර ඇත්තේ මාස ගණනාවක් දෙරටේ ගුවන් කලාප වසා තිබුණද පාකිස්තානයේ ඉල්ලීම සලකා බලා වහාම අවසරය ලබා දීමට කටයුතු කළ බවයි.
එබැවින් ඔවුන් පවසා ඇත්තේ "පදනම් විරහිත සහ නොමඟ යවන" ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
එසේම පාකිස්තානයේ ඉල්ලීම මත පැය 4ක වැනි කෙටි කාලයක් ඇතුළත සඳුදා (01) දින සවස 17.30 ට (IST)වනවිට නිල ලෙස අවසර ලබා දී පකිස්තාන රජයට ද එය නිල ලෙස දැනුම් දුන් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.