අපනයන ආදායම වැඩි කරන්න තානාධිපතිවරුන්ට ටාගට්

Donald Trump Economy of Sri Lanka Export Sinhala news
By Mithu Apr 20, 2025 07:30 AM GMT
Mithu

Mithu

Report

 ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අපනයන ආර්ථිකයට එල්ල විය හැකි අවදානම අවම කිරීම වෙනුවෙන් විදෙස් රටවල ලංකාවේ සියලුම තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරුන්ට 2025 වසරට අදාළව ඒ ඒ රටවලින් ලැබෙන අපනයන ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා ඉලක්ක ලබා දී ඇත.

පාස්කු කොමිෂන් වාර්තාව CIDයට

පාස්කු කොමිෂන් වාර්තාව CIDයට

සියලුම තානාපතිවරුන්ගේ හා මහ කොමසාරිස්වරුන්ගේ කාර්යසාධනය මාස තුනකට වරක් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව (EDCM) වෙත වාර්තා කිරීමටත් මේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් කිරීමටත් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

වෙනත් රටවල් සමග එළැඹිය හැකි තීරු බදු ගිවිසුම් සම්බන්ධයෙන් රජයට යෝජනා කරන ලෙසත් ඒ ඒ රටවල වෙළෙඳපොළවල් වෙත ලංකාවෙන් යැවිය හැකි නිෂ්පාදන හා ඒවායෙහි විභවතා ගැන වාර්තා කරන ලෙසත් අපනයන සංවර්ධන අමාත්‍ය සභා රැස්වීමේදී තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරුන්ට දැනුම් දුන් බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

වෙළෙඳ ප්‍රදර්ශන, දූත මණ්ඩල සාකච්ඡා සහ ආයෝජන සාකච්ඡා ආදිය මේ වෙනුවෙන් සංවිධානය කිරීමට අපේක්ෂිත බවත් ඔහු සඳහන් කළේ ය. වසර 2025 දී ඩොලර් බිලියන 19 ක අපනයන ආදායමක් ද 2030 වෙනවිට ඩොලර් බිලියන 36 ක අපනයන ආදායමක් ද ළඟා කර ගැනීමට අපේක්ෂිත බැවින් එම ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් මෙලෙස තානාපති අංශ යොදා ගැනීමට තීරණය කර ඇතැයි කී සභාපතිවරයා ඒ වෙනුවෙන් වසර 28 කට පසුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව පිහිටුවූ බවත් එයින් අපනයන ආදායම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගත හැකි බවත් පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් ජාලයේ පාර්ශ්වකරුවෙකු කිරීමට කටයුතු කරන බවත් හේ කීවේය. මේ අතර තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ලබන සතියේදී ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිත අතර එහිදී එරටේ වෙළෙඳ අමාත්‍යාංශයේ නිලධාරීන් මුණගැසී තීරු බදු අඩු කිරීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.

දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට දලා පොලිස් පරීක්ෂණ ඇරඹේ

දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට දලා පොලිස් පරීක්ෂණ ඇරඹේ

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ එම සාකච්ඡාවල දී මෙරටින් ඇමෙරිකාවට අපනයනය කළ හැකි භාණ්ඩ මත වෙන වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම පිළිබඳව සාකච්ඡා කළ හැකි නම් එයින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කිරීමට අවස්ථාව උදාවෙන බවය.