රටේ අපරාධ අඩු කරන්න නම් තරුණ තරුණියන්ට විනයගරුක පුහුණුවක් දෙන්න ඕනෑ

Crime
By Thaya Feb 07, 2021 08:47 PM GMT
Report

රටේ අපරාධ අවම කිරීමට නම් තරුණ තරුණියන්ට විනයගරුක පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කරනවා. ඊට අදාල යෝජනාවක්ද තමා ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඔහු මෙම අදහස් පළ කළේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ නියමු ව්‍යාපෘතියේ මුල් අධියරට මහරගම යොවුන් රගහලේදි එක්වෙමින්.