එක් ගමකින් එකවර කොවිඩ් ආසාදිතයන් 148 දෙනෙකු හමුවෙයි. අවදානම් තත්වයක්

Covid-19
By Thaya Jan 14, 2021 05:59 PM GMT
Report

වවුනියාව පට්ටාන්චිචූර් ගම්මානයේ කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවගේ ආශ්‍රිතයින්ගෙන් ව්‍යාප්ත වූ වෛරසය මේ වනවිට එම ගම්මානයේ තවත් 148 දෙනෙකුට ආසාදනය වී ඇතැයි වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.

මෙලෙස වවුනියාව නගරය ආශ්‍රිතව ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා නගරයේ ප්‍රධාන මාර්ග වසාදමා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

නගරයට පිවිසීමට අවස්ථාව ලබාදී ඇත්තේ රාජ්‍ය සේවකයින්ට සහ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පිරිස්වලට පමණකි.

එමෙන්ම වවුනියාව මහ රෝහලේ සාත්තු සේවකයෙක්ට සහ රෝහල් කාර්යමණ්ඩලයේ කළමනාකරණ සහකාරවරයෙක්ටද වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.