පේෂකර්ම රෙදි ආනයනය තහනම් කෙරේ.

Fabrics
By Thaya Apr 08, 2021 06:04 PM GMT
Thaya

Thaya

Report

පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇති බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම අදහස් පළ කළේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“කොළඹ නගරයේ සහ හැම නගරයකම දැන් විශේෂයෙන්ම බතික් ඒ වගේම පේෂකර්ම විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනාගාර ඇති වෙමින් තියෙනවා. ඒක ලොකු ශක්තියක්. අපි පාර්ලිමේන්තුවේ සම්මත කරා ලංකාවට බතික් පින්ට් කරපු ඒවා ගෙන්වන එක නතර කරා. ඒ වගේම ඒ වගේම පිටරට ඉදලා ගෙනාව සියලුම පේෂකර්ම රෙදි ගෙන්වන එක තහනම් කරා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අපේ ඉල්ලීම අනුව ඒක අනුමත කරා. ඒ අනුව දැන් ලංකාවට බතික් රෝල් පිටින් ගේන එක සම්පූර්ණයෙන් නතර වෙනවා. ඒ අනුව ඇත්ත වශයෙන් දැන් අපිට ලොකු අවස්ථාවක් උදාවෙලා තියෙනවා නැවතත් ලංකාව තුළ නිෂ්පාදනය කරන අත්‍යන්ත පේෂකර්ම හා බතික් නිෂ්පාදන විශාල තැනකට ගේන්න.“