සංචාරකයන් ගෙන්වීමට පෙර එන්නත ගෙන්වන්න
sajith
permadasa
By Thaya
සංචාරකයන් මෙරටට ගෙන්වීමට පෙර ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම සදහා කොරෝනා එන්නත් මෙරටට ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.
ඔහු මෙම ඉල්ලීම කළේ තෙල්දිණිය ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකදීයි.
වත්මන් රජය බලයට පත්වූ පසුව රට සෞභාග්‍යය කරා යනවා වෙනුවට අගාධයක් කරා ගමන් කරමින් සිටින බවට සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී චෝදනා කර සිටියා.
රැවටිලිකාර දේශපාලනය රටින් තුරන් කළ යුතු බවත් ජනතාවගේ එකම විකල්පය සමගි ජන බලවේගය බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.