නීති විරෝධී විදිහට පොකිරිස්සන් අල්ලා වැඩි මිලට අලෙවි කරන්න හදලා

Report

නීති විරෝධී ලෙස පොකිරිස්සන් අල්ලා වැඩි මුදලට අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ ස්ථානයක් වැටලීමට ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වැටලීම් නිලධාරීන් සමත්විය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් තහනම් කර ඇති කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් සහ බිත්තර දමන කටු පොකිරිස්සන් ගබඩා කර තබා ගනිමින් විදේශිකයන්ට අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු තිබේ .

ඒ අනුව බේරුවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානය නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකිවිය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පෙන්වා දෙනු ලබන්නේ මේ අයුරින් කුඩා ප්‍රමාණයේ හා බිත්තර දමන පොකිරිස්සන් විනාශ කිරීමෙන් සාගරයේ පොකිරිස්සන් බෝ වීම විශාල ලෙස අඩුවන බවයි .

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

මාරාන්තික නිපා නොසලකා හරින්න එපා රවි කියයි

මාරාන්තික නිපා නොසලකා හරින්න එපා රවි කියයි