මේ තොරතුරු පිටතට දීම තහනම් - විශේෂ අභ්‍යන්තර චක්‍රලේඛයක්
නොරොච්චෝලේ බලාගාරයේ අභ්‍යන්තර තොරතුරු පාලනාධිකාරියේ අවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයකු හෝ ආයතනයක් වෙත ලබාදීමට සේවක මණ්ඩලයට තහනම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ නියෝගය ඇතුළත් විශේෂ අභ්‍යන්තර චක්‍රලේඛයක් ඉකුත් ජනවාරි මස මැද භාගයේදී නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එබැවින් නිසි අනුමැතියකින් තොරව දත්ත හුවමාරු කිරීම මෙමඟින් දැඩිව සීමා කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් විදුලි සේවකයන් පවසන අන්දමට, මෙම පියවර ගෙන ඇත්තේ බාල ගල්අඟුරු ආනයනය පිළිබඳව මතුව ඇති මතභේදාත්මක තත්ත්වයන් සහ ඒ වටා ගෙතී ඇති විවිධ ප්‍රචාරයන් මැඬපැවැත්වීමේ අරමුණෙන් බව සඳහන්.