කොව්ඩ් නිසා රැකියා අහිමි වුයේ නම් වහාම දන්වන්න...

Covid-19
By Thaya Mar 18, 2021 05:57 PM GMT
Thaya

Thaya

Report

පසුගිය covid 19 වසංගත සමයේ ස්වකීය රැකියාවට යාමෙි අපහසුතා හේතුවෙන් හෝ අදාල ආයතනය විසින් ඉවත් කිරීම හේතුවෙන් හෝ කොවිඩ් වසංගත සමයේ පැවති වෙනත් අපහසුතා හේතුවෙන් ස්වකීය රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වූවන් පිළිබඳ තොරතුරු අප්‍රියෙල් 01 වැනිදාට පෙර කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. covid 19 වසංගතය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට කළ බලපෑම් පිළිබඳව තොරතුරු හා දත්ත එක්රැස් කිරීමේ සහ ඒ පිළිබඳව ලබාදිය හැකි යම් සහනයක් වේ නම් ඒ පිළිබඳව ඉදිරියේදී ක්‍රියාත්මකවීම අරමුණින් මෙම සංගණනය සිදුකරන බවද ඇමාත්‍යවරයා පවසයි.

ඒ අනුව ස්වකීය රැකියා අහිමි වූ අය තම නම, ලිපිනය, දුරකතන අංකය, සේවය කරන ලද ස්ථානයේ ලිපිනය,සේවයෙන් ඉවත් කළ දිනය,එහි සේවා කාලය සහ අවසන් වරට ලැබූ මූලික වැටුප් යනාදිය පිළිබඳ තොරතුරු කම්කරු කොමසාරිස් (කාර්මික සබඳතා අංශය )11මහල, මෙහෙවර පියස කොළඹ 05 යන ලිපිනයට යොමු කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඉල්ලා සිටි. එසේ ලබාදෙන තොරතුරු ලබන අප්‍රේල් පළමු වන දිනට ප්‍රථම එවන ලෙසත් වැඩිදුර විස්තර 2368502 දුරකථන අංකයෙන් ලබාගත හැක.irlabur456@gmail.com ඊමේල් ලිපිනයට ද තොරතුරු එවිය හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා පවසයි.