මේ වරද කලොත් දඩය රු 25000යි....අවදානමෙන් කටයුතු කරන්න...

Police Sri Lanka
By Thaya Mar 02, 2021 06:28 PM GMT
Thaya

Thaya

Report

දුම්රිය හරස් මාර්ගයකින් සංඥා නාදවන අවස්ථාවක වාහනයක් ධාවනය කිරීම රුපියල් 25000ක දඩයකට යටත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඊයේ වන වාසල දුම්රිය හරස් මාර්ගයේ සංඥා නිකුත් වෙමින් තිබියදී ධාවනය කර ඇති බවත් ඒ හේතුවෙන් අසළ සිටි පුද්ගලයින් තිදෙනෙකුට තුවාල වී ඇති බවත් ඔහු පැවැසීය. රියදුරු හා බස් රථය අත්අඩංගුවට ගෙන ඇති බවත් රියදුරු අද (02දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.