වතු කම්කරුවන්ට දහසක වැටුප දෙන්න බැරි වතු සමාගම් තියනවනම් ඒවා රජයට භාරදෙන්න
Plantation
By Thaya
වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දිය නොහැකි වතු සමාගම් වෙතොත් ඒවා රජයට භාරදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වතු හිමියන්ට දැනුම් දෙනවා. රුපියල් දහසක වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කර ඇති වෘත්තියට ක්‍රියාමාර්ගයට තම පූර්ණ සහය ලබාදෙන බවයි නාවලපිටිය ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.