මා කිවු පිලිවෙතට පැණිය බිවුවේ නම් කොරෝනා වැලදෙන්නේ නෑ..- ධම්මික බණ්ඩාර

Dhammika Honey
By Thaya Jan 20, 2021 07:36 PM GMT
Thaya

Thaya

Report

තමන් විසින් දැන්වූ පරිදි නිසි පිළිවෙතට ඖෂධය පානය කළේ නම් කිසිවකුටත් කොරෝනා වැලඳීම සිදු නොවන බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහුගෙන් ලබාගත් ඖෂධ බීමෙන් පසුව ද කිහිප දෙනෙකු කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

මෙම ඖෂධය භාවිත කරන්නන් අදාළ කාලසීමාව දී මස් මාළු භාවිතයෙන් වැළකී සිටිය යුතු බවත් ආසාදිතයෙක් නම් දින තුනකුත් ආසාදිතයෙක් නම් දින දෙකකුත් උදේ සවස තේ හැඳි 2 බැගින් එම පැනිය පානය කළ යුතු බවද වෙද මහතා සඳහන් කළේය.

මේ වන විට ධම්මික බණ්ඩාර මහතා සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කර ඇත්තේ වෛද්‍යවරයෙකුට පහර දුන්නේ යයි පොලිසියට ලද පැමිණිල්ලක් මතයි.