විවිධ අයගේ හිතුමතේට රජයේ දේපල විකුණනවාට මං විරුද්ධයි

government
By Thaya Jan 02, 2021 06:23 AM GMT
Report

එක එක්කෙනා හිතුමතේට රජයේ දේපල පුද්ගලීකරණය කරන්නේ නම් මහජන නියෝජිතයෙකු වශයෙන් තමන් ඊට විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

නමුත් ආයෝජකයන් ගෙන්වාගෙන රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවද ඔහු පැවසීය.

ඉමදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කීය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීම ගැන තවමත් තීන්දුවක් නැතැයි ද පැවසූ ඔහු රටක සුබදායිම හා සුගතිදායකම දේ ආණ්ඩුව විසින් සිදු කරයි යැයි විශ්වාස කරන බවද පැවසීය.