පැණිය බිව්ව පවිත්‍රාට කොරෝනා හැදුන හැටි සැමියා ප්‍රසිද්ධියේ කියයි.

Covid-19 Parliament Mrs Pavithradevi Wanniarachchi
By Thaya Jan 29, 2021 06:46 AM GMT
Thaya

Thaya

Report

කොවිඞ් 19 ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ධම්මික පැණිය පානය කළේ එක් අවස්ථාවකදී පමණක් බව ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතා පැවසීය.

ඇමැතිනිය ධම්මික පැණිය එක හැන්දක් පමණක් මාධ්‍යයට දැක ගැනීමට ප‍්‍රසිද්ධියේ පානය කළ බව ද ජයරත්න මහතා කියා සිටියේය.

හෙතෙම මෙසේ ද පැවසීය. ඇමැතිවරියට කොරෝනා ආසාදනය වීම පුදුමයක්. කොහෙන් බෝ වුණා ද කියලා අපිටත් ප‍්‍රශ්නයක්. හැබැයි ඇය කොරෝනා මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම විවිධ පුද්ගලයන් සග එක්ව වැඩ කළා. ළඟදී දවසක ඇය උගුර ටිකක් රිදෙනවා කිව්වා හින්දා පී. සී. ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්වුණා. ඇමැතිනිය හික්කඩුව ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක පසුවනවා. අපි නිවසේ නිරෝධායන වෙනවා.

නිවසේ වැඩ කරන ආරක්ෂක සේවයේ යෙදී සිටින සියලූම දෙනාත් පී. සී. ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළා. ඇමැතිනිය හැර අප කාටත් කොරෝනා වැළඳී නැති බව තහවුරු වුණා.