කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක දී මතු වු මිනිස්කම

Covid-19 Humanity
By Thaya Jan 22, 2021 07:19 PM GMT
Thaya

Thaya

Report

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට අයත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි දැරියකගේ මල්වර මංගල්‍යය එම මධ්‍යස්ථානය තුළදී ම පවත්වා තිබේ.

ඒ රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශ වාසීන්ගේ දායකත්වයෙනි.

13 හැවිරිදි දැරියක් වන ඇයගේ පවුලේ මව, පියා, තවත් සහෝදර සහෝදරියන් තිදෙනෙක් සහ සීයා එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.

දැරිය මල්වර වී ඇතැයි දැනගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය සේවකයින් මැදිහත්ව සුදුසු නැකතක් බලා චාරිත්‍ර ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ.

සෞඛ්‍ය සේවකයින්ගේ මැදිහත් වීමෙන් කිරිබත් ඇතුළු කැවිලි වර්ග ද සකස් කර ඇය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටුකර දී ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ පරිත්‍යාගයෙන් දැරියට අවශ්‍ය රන් ආභරණ සැපයීමට කටයුතු කර ඇත