අධිවේගී මාර්ගය අසළ පැවැති මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරය කොටුවු අයුරු ?..
මුතුරාජවෙල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී අධිවේගී මාර්ගය අසල කැලෑ පෙදෙසක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ දෙකක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ (01) ජාඇල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර 4000 ක් , දඟර , බැරල් ඇතුළු උපකරණ රැසක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. මත්පැන් ජාවාරම් කරු ඉතා රහසිගතව කාලයක් තිස්සේ මත්පැන් ජාවාරම හොදට සරුවට පවත්වාගෙන ගොස් ඇතැයිද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
මහජනයාගෙන් ලද තොරතුරු මත අනුම ජාඇල සුරාබදු නිලධාරීන් මෙම සෝදිසි මෙහෙයුම් දියත් කොට තිබේ .එහිදී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය 58 හැවිරිදි රාගම ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සුරාබදු ඇපමත මුදාහැර ඇත.අදාල සැකකරුට විරුද්ධව ඉදිරියේදී වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය. බස්නාහිර පළාත් (iii) සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර, ජා-ඇල සුරාබදු අධිකාරි ආර්.ඒ.ඩී.ඉන්ද්‍රනාත් යන මහත්වරුන්ගේ උපදෙස් මත, ජා-ඇල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක වජිර විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂක ලක්මාල් බන්ඩාර, සුරාබදු සැරයන්වරුන් වන 938 හේරත්, 685 ලොකුපිටිය, සුරාබදු කෝප්‍රල් 779 සුරංග, සුරාබදු නියාමකවරුන් වන 1058 සෝමසිංහ, 1062 බුද්ධික, 1122 ධනුක, 1206 සමීර සහ සුරාබදු රියදුරු රවීන්ද්‍ර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
