හික්කඩුවේ බීච් පාටිය සුරාබදු නිලධාරීන්ට කොටුවු අයුරු ?..

Police
By Thaya Mar 01, 2021 06:06 PM GMT
Thaya

Thaya

Report

ෆේස්බුක් සාමාජ මාධ්‍ය ජාලය හරහා ඇනවුම් කර හික්කඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බීච් පාටියක්(එළිමහන් සාදයක් ) වටලා රුපියල් ලක්ෂ පහක්(5 00 000/-) වටිනා දේශීය හා විදේශීය මත්පැන් තොගයක් සමගින් බීච් පාටියේ සංවිධයක ඊයේ (27)රාත්‍රියේ දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශීය මත්පැන් මිලි ලීටර් 59400 ක් තිබු බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පවසයි. හික්කඩුව වෙරළ තීරයේ සංචාරකයින් සදහා පැවැති වෙළද කුටි හා වෙළද සැල් ආසන්නයේ වෙන්කළ ස්ථානයක බීච් පාටිය පවත්වගෙන ගොස් ඇති අතර කිසිවකුට සැක නොසිතෙන අයුරින් වැඩි මිලට මත්පැන් ද අලෙවි කර ඇතැයිද සුරාබදු නිලධාරින් පවසයි.

අන්තර් ජාලය හරහා සංවිධානය කර තිබු මෙම බීච් පාටියට වෙස් වලාගත් සුරාබදු නිලධාරීන්ද බීච් පාටියට අමතක නොකළේය.මේ සදහා ඇතුලු වීම සදහා ද ඉතා අධික මිලක් අයකරන අතර කොළඹ ප්‍රදේශයේ තරුණ ජෝඩු රැසක්ද,විදේශීය යුවල රැසක්ද බීච් පාටියට සහභාගිවී සිටි බවද ධීර ගුණසේකර මහතා පවසයි. හික්කඩුව ප්‍රදේශයේම අයකු මෙම බීච් පාටිය සංවිධානය කර තිබු අතර මෙහිදී විදේශීය මත්පැන් ඉතා වැඩි මිල ගණන් යටතේ බලපත්‍රයක් නොමැතිව තමන්ට රිසි අයුරින් මත්පැන් අලෙවි කරන බවද ප්‍රශ්න කිරීමේදී සුරාබදු නිළධාරීන් අනාවරණය කරගෙන ගොස් තිබේ. අත්අඩංංගුවට ගත් සැකකරු ඉදිරියේදි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත, දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂකවරුන්වන චන්න කුමාර,ලක්ෂාන් පෙරේරා,සැරයන් වරුන්වන ක්‍රිශාන්තද සිල්වා ,විරාජ් හේමපාල ,මලින්ද සදරාජ,නියාමකවරුන්වන 1059 සහන් පෙරුමාබදු ,1072 මිහිරංග,1073 රොහාන් බුද්ධික,1133 මිහිරාන්,1088 ධනංජය සිල්වා හා රියදුරු විදුරංග යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

GalleryGallery