අන්තර් ජාලයෙන් ඇනවුම් කළ විදේශීය මත්පැන් තොගය කොටුවුයේ මෙහෙමයි?.

Foreign Liquor
By Thaya Mar 05, 2021 07:40 PM GMT
Thaya

Thaya

Report

බලපත්‍ර නොමැතිව අන්තර් ජාලය හරහා ඇනවුම් බාරගෙන වැඩි මිලට විදේශීය මත්පැන් අලෙවිකරන සැකකරුවන් දෙදෙනකු කොළඔ පාක් විදිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා විදේශීය මත්පැන් තොගයක් සමගින් කැස්බෑව සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශීය මත්පැන් බෝතල් 27 ක් තිබු බව බස්නාහිර පලාත 1 සහකාර සුරාබදු කොමසාරිස් රොහාන් විජේරන්ත මහතා පවසයි.

අන්තර් ජාලයේ මත්පැන් අලෙවි කිරීමට ඇනවුම් බාර ගන්නා බවට පල කළ දැන්වීමට අනුව වෙස් වලාගත් සුරාබදු නිලධාරීන් මත්පැන් ඇනවුම් කර ඇති අතර අදාල සැකකරුවන් මිලදී ගන්නන්ට අවශ්‍ය ස්ථානයට මත්පැන් රැගෙන විත් බලපත්‍ර නොමැතිවම වැඩි මිලට අලෙවි කරනු ඇත. එසේ මත්පැන් මිලදී ගන්නා අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා සමගින් මත්පැන් තොගය අත්අඩංගුවට ගැනීමට සුරබදු නිලධාරීන් සමත්වී ඇත.තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වා ඇති විදේශීය මත්පැන් බෝතලයක් රුපියල් 7000/ කට හෝ රුපියල් 8000/ ක් වැනි මිලකට අලෙවි කරන බවද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිවී තිබේ.

මත්පැන් තොගය සමගින් සැකකරුවන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එක් සැකකරුවක් ට රුපියල් 15 000 /ක්ද අනෙක් සැකකරුට රුපියල් 40 000/ක්ද යනුවෙන් සැකකරුවන් දෙදෙනාට රුපියල් 55 000/ කදඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත. බස්නාහිර පලාත 1 සහකාර සුරාබදු කොමසාරිස් රොහාන් විජේරන්ත මහතාගේ උපදෙස් මත,කොළඹ සුරාබදු අධිකාරී නීල්ද අල්විස් මහතාගේ අධීක්ෂණය යටතේ කැස්බෑව සුරාබදු ස්ථානාධිපති සුගත් කොලොන්න මහතාගේ මෙහෙයවීම යටතේ , පරීක්ෂක ජනක බටුවිට ආරච්චි,සැරයන් මොහාන් ,කෝප්‍රල් වරුන්වන සුනෙත් ,මයුර,දේසිරි, නියාමකවරුන්වන බණ්ඩාර ,කසුන් හේවගේ,අනිල් වීරසිංහ ,රියදුරු රුවන් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.