වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා කොරෝනා එන්නත දෙන්නෙ මෙහෙමයි...
වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා කොවිඩ් වෛරසයට එරෙහි එන්නතෙහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව පිළිබඳ සායනික පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ, එක්සත් ජනපදයේ ජෛව තාක්‍ෂණ සමාගමක් වන මොඩර්නා (Moderna) සමාගම විසින්. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මාස 6 සිට අවුරුදු 12ට අඩු ළමුන් සඳහා එන්නත පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවයි Moderna සමාගම ප්‍රකාශ කළේ. මෙම අධ්‍යයනයට දරුවන් 6,750ක් පමණ සහභාගී කර ගැනීමට සැලසුම් කර ඇති බවත් ඔවුන් සඳහන් කළා.
මේ වන විට මොඩර්නා එන්නත වයස අවුරුදු 18 සහ ඊට වැඩි අයට ලබා දෙනු ලබන අතර දැනටමත් වයස අවුරුදු 12 සිට 17 දක්වා නව යොවුන් දරුවන් පිළිබඳව වෙන ම අධ්‍යයනයක් සිදු කරන බවයි එම සමාගම පවසන්නේ. මේ අතර, Pfizer එන්නත ද අප්‍රේල් මාසයේදී වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් සඳහා ඒ සමාන අත්හදා බැලීම් ආරම්භ කරනු ඇති බවට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.