කාගිල්ස් මුදල් අයකැමිවරියට තුවක්කු පෙන්නා පෙන්වා සිදුකළ මුදල් මංකොල්ල කෑ හැටි

Robbery
By Thaya Jan 05, 2021 06:12 PM GMT
Thaya

Thaya

Report

පසුගිය ජනවාරි මස 01 වෙනිදා වත්තල පිහිටි කාගිල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළඳසැලක සිදු වූ මංකොල්ලකෑමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණ පුද්ගලයින් දෙදෙනෙකු එම සුපිරි වෙළෙදසැලේ මුදල් අයකැමිවරියට තුවක්කුවක් පෙන්වා තර්ජනය කරන අයුරු CCTV දර්ශණ වල දක්නට ලැබෙනවා.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් කාගිල්ස් ෆුඩ්සිටි හි කළමනාකාරිත්වය කියා සිටියේ පසුගිය සතියේ වත්තල ප්‍රදේශයේ පිහිටි සිය අලෙවිසැලක දී සිදු වූ මංකොල්ලකෑමේ සිද්ධියෙන් එහි සිටි කාර්ය මණ්ඩලයට හෝ පාරිභෝගිකයින්ට තුවාල සිදු වී නොමැති බවයි.

අලෙවිසැලේ සේවයේ නියුතු සේවකයින් විසින් කාලෝචිත අයුරින් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් අලෙවිසැලට කිසිදු හානියක් සිදු නොවූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.