දෙමටගොඩ සම්පත්ගේ ගෝලයෙකු හෙරොයින් ගෙනා හැටි පාපොච්චාරණය කළ හැටි

Police
By Thaya Mar 29, 2021 07:15 PM GMT
Report

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ, කාලිපුල්ලිවත්තේ, සම්පත් යන අයගේ ගෝලයෙකු පෑළියගොඩ ප්‍රදේශයේ දී ලක්ෂ 30 ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 205 ක් හා ගංජා ග්‍රෑම් 306 ක් සොයාගත් අතර සැකකරු අද (29) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගන්නා බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පවසන්නේ.